(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබේ.
පාසලේ පිහිටි බඹර කූඩුව ඇවිස්සී පංති කාමර වලට බඹරුන් පැමිණිමත් සමඟ පාසලේ අධ්‍යාපනික කටයුතු එම අවස්ථාවේදීම නවතා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ අතර මේ දිනවල පාසල් වාර විභාගයද පැවත්වෙන අතර අද දිනයේදී පැරකුම් මහාවිද්‍යාලයේද වාර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු අතර බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් විභාගයද නොපැවත්විණි.
මෙම බඹර කූඩුව කඩා ඉවත් කරන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇති නමුත් පාසලේ කිසිවෙක් එයට අවධානය යොමු නොකළ නිසා දරුවන් කිහිප දෙනෙකුගේම බඹරුන් දෂ්ඨ කළ බවටත් පාසලේ වගකිවත්තන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද මෙසේ පාසල වසා දැමීමට සිදුවූ බවට සිසුන්ගේ මව්පියෝ චෝදනා කරති.