(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ ඉහළ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(19) බඹරු ඇනීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
තුවාල ලැබූ වතු කම්කරුවන් ප්‍රතිකාර සඳහා බගවන්තලාව ප්‍රදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
කර්කස්වොල් වතුයායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹරු ඇන ඇතැයි වතුකම්කරුවෝ පැවසූහ.
බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.