(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
නෙළා ගන්නා ලද තේ දළු කිරුම් මධ්‍යස්ථානයට ලබාදී නිවෙස් බලා යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට ඒ අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙසේ බඹරුන් දෂ්ඨ කර ඇතැයි වතු නිලධාරියකු පැවසීය.
තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු කීය.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද තුවාල කරුවන්ගෙන් 24 දෙනෙකු රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා අද (19) දහවල් වන විට පිටව ගොස් ඇත.