බඹරකිරිඇල්ලේ දිය නෑමට තරුණයෙක් දියේ ගිලී මරුට


(මහේෂ් කිර්තිරත්න)

මිතුරන් සමඟ රත්තොට බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අද (17) දියේ ගිලී මිය ගොස් ඇති බව රත්තොට පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි රාමක්‍රිශ්නන් දිනේෂ් කුමාර නැමැති 22 හැවිරිදි තරුණයෙකි.

අලවතුගොඩ ප්‍රදේශයේ සිට මිතුරන් කිහිපදෙනෙකු සමඟ රත්තොට බඹරකිරිඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.

සිරුර ගොඩට ගැනීමේ කටයුතු ප්‍රදේශවාසීන් සමඟ රත්තොට පොලිසීයේ නිලධාරීන් විසින් සිදුකළ අතර දේහය මාතලේ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (18) සිදු කිරීමට නියමිතය.