(අජිත් ලාල් ශාන්ත උදය සහ සරත් වීරවංශ )
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ තේ වත්තක කම්කරුවන් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව අද (05) දහවල් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
බලන්ගොඩ වැවිලි සමාගමට අයත් වලේබොඩ වත්තේ සේවය කළ දෙදෙනකු මෙලෙස රෝහල් ගත කර ඇත .
ඔවුන් ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පවසති .