බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ )                                                                    
 
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06 බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
 
 බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය  එල්ල වී තිබේ .
 
තේ වත්තේ ගල් තලාවක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.
 
රෝහල්ගත කළ වතු කම්කරු කාන්තාවෝ පස්දෙනාම බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
 
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.