බඹර කූඩුවක් නිසා ඇත්කඳුරේ පාසලකට නිවාඩු


(ජනත් ද සිල්වා)

ඇත්කඳුර සීවලී නවෝද්‍යා පාසලේ ගොඩනැගිල්ලක වහලේ ඹඹර කූඩුවක් තිබිම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිසු සිසුවියන් ඉවත්කර අද දින (06) නිවාඩු ලබා දී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා දරු දැරියන් දහසකට වැඩි පිරිසක් ඉගෙනුම ලබන එම විද්‍යාලයේ සෙසු පංතිවල වැඩකටයුතු කිසිඳු බාධාවකින් තොරව කරගෙන යන බවත් සවස් කාලයේදී මෙම ඹඹර වදය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එහි ප‍්‍රකාශකයෙක් පවසයි.

කොළඹ වනජීවී දෙපාර්තුමේනතුවට හා හික්කඩුව වනජීවී කාර්යාලයට මේ බව දැනුම් දී ඇතැයි වැලිවිටිය දිවිතුර කොටිඨාස අධ්‍යාපන අධ්‍යකෂිකා ධනේෂා ගිනිගේ මහත්මිය පවසයි.

කලාප අධ්‍යාපන අධ්‍යකෂකවරයාගේ උපදෙස් මත 6  7 8  ශ්‍රේණි වල සිසුන්ට අද නිවාඩු ලබා දුන් බව විදුහල්පති අයි ඞී රේණුකා මහත්මිය ප්‍රකාශ කරයි.