(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මීරියගල්ල ප‍්‍රදේශයේ රජයේ ඉඩමක මැනුම් කටයුතු සිදු කිරීමට ගිය මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිරිසක් රාජකාරියේ හි නිරතව සිටින අතරතුර බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලැබූ මිනුම් සහයකයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මීරියගල්ල ප‍්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් මත මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ හෝමාගම කාර්යාලයට අනුයුක්ත 7 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අදාළ ප‍්‍රදේශයට ගොස් රාජකාරියෙහි නිරතව සිටියහ. මේ අතරතුර අදාළ ඉඩමට යාබදව පිහිටි ඉඩමක වැට මායිම් සොයා බැලීමේදී ඌරන් මැරීම සඳහා බඳින බවට සැකකරන තුවක්කුවක් මෙලෙස පත්තු වී මිනුම් සහයකයකුගේ පාදය වැදී තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප‍්‍රදේශයේ පදිංචි මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ සේවයේ නිරතව සිටි මිනුම් සහයකවරයෙකි