(ඉන්දික අරුණ කුමාර)
නාඋල - සේනාගම ප‍්‍රදේශයේ අවුරුදු හතරක කුඩා දරුවෙකුට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර අතැයි පොලිසිය පවසයි.
ඉකුත්දා (20) සවස් කාලයේ සේනාගම වෙල්යායේ තවත් වයස අවුරුදු හයක (6) දරුවෙකු සමඟ ගමන් කරද්දි බදින තුවක්කුව පත්තු වී ඇති බව නාඋල පොලිසිය කියයි.
අනතුරට පත් දරුවා කොන්ගහවෙල රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතලේ මහ රෝහලට ඇතුලත් කර තිබේ.
අනතුර හේතුවෙන් දරුවාගේ පාද වලට හා උකුල් ප‍්‍රදේශයට හානි සිදුව ඇති බවත් මේ වන විට ඔහුට ශල්‍යකර්මයක් සිදුකර ඇති බවත් පොලිසය පවසයි.