(පාලිත ආරියවංශ)
මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර ගතකර සිටින සිය පියාට දත්බෙහෙත් ටියුබයක බහා හෙරොයින් ද සබන් කෑල්ලක සඟවා ජංගම දුරකථන සිම්කාඩ් පතක් ද රැගෙන යාමට උත්සාහ කළ පුතෙකු ඇතුළු තරුණයන් 5දෙනෙකු ඊයේ (13) සවස අත්අඩංගුවට ගත්බව බදුල්ල පොලිසියේ රථවාහන අංශය පැවසීය.
මිලි ග්‍රෑම් 50 බැගින් වූ මත්කුඩු පැකට් 5ක් සැකකරුවන් ළඟ තිබී පොලිසිය භාරයට ගෙන ඇත .
බන්ධනාගාරයේ සිටින පියා සිය පුතු හරහා කොළඹ සිට හෙරොයින් ගෙන්වා සිය මිතුරන් මාර්ගයෙන් බන්ධනාගාරය තුළට වරින්වර ගෙන්වා ගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මොවුන් බදුල්ල විනීතගම පදිංචි අවුරුදු 21, 22, 24 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.


