(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා මෙම වසරේ වෙන්කළ ප්‍රතිපාදන වලින් මේ වන විට වැයකර ඇත්තේ සියයට 23ක් බව හෙළිවී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
මේ බව හෙළිවී ඇත්තේ ඉකුත්දා නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි නිලධාරී විවාහක නිල නිවාස ගරා වැටී ඇති තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී විවාහක නිල නිවාස 150කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පරීක්ෂාවට ලක්ව ඇති අතර වසර ගණනාවක් ඒවා පිළිසකර නොකිරීම හේතුවෙන් මිනිස් වාසයට පවා නොසුදුසු තත්ත්වයක පවතිනුයේ වෙන්කළ මුදල් ප්‍රයෝජනයට නොගැනීම නිසා යැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
මේ පිළිබඳව වාර්තාවක්ද කැඳවා ඇතැයි ඔහු කීය.