(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර නිලධාරීන්ට බංකුවක කකුලකින් පහරදී අධිකරණ සිරමැදිරියෙන් පලා යාමට උත්සහ කළ රැඳවියන් දෙදෙනකු අද (14) මහත් පරිශ්‍රමයක් යොදා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සහ අධිකරණයේ සිටි පොලිස් සැරයන්වරයා සමත් වී තිබේ.
මෙලෙස පලා යාමට උත්සහ දරා ඇත්තේ හොරණ පොසිලිය විසින් කොල්ලකෑම් වලට සම්බන්ධව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ රැඳවියන් දෙදෙනෙකි.
ඇප අත්සන් කිරීම සඳහා රැඳවියන් පිටතට ගන්නා අවස්ථාවේ පලා යමට උත්සහ කළ එක් රැඳවියකු දොර තල්ලු කර දොර අසල රැකවල්ලා සිටි බන්ධනාගාර නිලධාරියාට බංකුවක කකුලකින් පහරදී පලායාමට උත්සහ කිරීමේදී සෙසු බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් සැරයන්වරයා පැමිණ එය වළක්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.