(නිශාන්ත කුමාර )
වැඩ නිමකර ජනතා අයිතියට පත්කළ බදුල්ල දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනිමට දෙමෝදර ප්‍රදේශයේ දී බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරී වාන් දමා ඇත. මීටර් 17 ක් උස වේල්ලකින් සමන්විත මෙම ජලාශයේ පරිමාව ඝන මීටර 132000 කි.
බදුල්ල, හාලි ඇල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි ග්‍රාම සේවා වසම් 42 ක පවුල් ලක්ෂයකට ආසන්න පිරිසකගේ පානීය ජල ගැටලුව විසදීමට රුපියල් මිලියන 11880 ක වියදමින් ඉදිකළ මෙම ජලාශය මගින් ජලය ඝන මීටර් 15000 ක් පිරිපහදු කරනු ලැබේ.



