ප්‍රසන්න පත්මසිරි
බදුල්ල මහ රෝහලේ අක්ෂි අංශයේ සේවය කරන හෙදියකට අමානුෂික ලෙස පහරදුන් බව කියන අක්ෂි වෛද්‍ය විශේෂඥවරියකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රෝහලේ වෘත්තීය සමිති සංගම් තුනක හෙද හෙදියෝ පිරිසක් අද (30) වැඩ වර්ජනයක යෙදෙමින් රෝහල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ.
මහ රෝහලේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ හෙද හෙදියෝ 200ක පමණ පිරිසක් රෝහලේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන අන්දමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.