බදුල්ලේ ගම්මිරිස් ගොවීහු වීදි බසිති


 (ප්‍රසාද් රුක්මල්)
 
ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීහු අද (17) බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම උද්ඝෝෂණය සඳහා හාලිඇල, ගලඋඩ, කන්දකැටිය, ඌවපරනගම, වාසනාගම, මීගහකිවුල , තල්දෙන , සොරණාතොටආදි ප්‍රදේශවල ගම්මිරිස් ගොවීහු එක්ව සිටියහ.

බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව විරෝධතාව සංවිධානය කර තිබිණි.
 
(ඡායාරූප - පාලිත ආරියවංශ)