බදුල්ල දිස්ත්‍රක්කයට නායයාමේ අවදානමක්


(දියතලාව - ඩී.කේ.රත්න)

බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් 29000ක් මේ වනවිට නායයාමේ අවදානමට ලක්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද (1) බණ්ඩාරවෙලදී පැවසුවාය.

මෙම පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3233ක් දැඩි නායයෑමේ අවදානමට ලක්වී ඇති අතර තවත් පවුල් 25767ක් මධ්‍ය අවදානමට ලක්වී ඇතැයි පැවසුවාය.

මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සමස්ත පවුල් සංඛාවෙන් 12.26 ්‍ර ක ඉහළ අගයක් ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ආපදා කලමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති නායයෑමට ලක්වූ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් චෙක්පත් බෙදාදීමේ උත්සවයකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අදහස් දැක්වූවාය.