බදියුදීන්ට එරෙහිව හික්කඩුවේ විරෝධතාවක්


(බටපොළ දීපාල් ද සිල්වා) 
 

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබෙන විශ්වාස භංගයට දිනවිමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එක්වන්නැයි බල කරමින් හික්කඩුව නගර සභා සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පොදුජන පෙරමුණු  මන්ත්‍රී කණ්ඩායම අද හික්කඩුව නගරයේ පාගමනක් පවත්වමින් විරෝධතාවක නිරත වූහ.

හික්කඩුව නගර සභා සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පොදුජන පෙරමුණු  මන්ත්‍රි කණ්ඩායමක්  මෙම උද්ඝෝෂණයට සහභාගීවී සිටියහ.
 
‘ඇමතිවරයාට  පක්ෂව කටයුතු කරන සියලු පාර්ලිමේන්තු නියොජිතයින් ජාතී දෝහින් ලෙස සලකා  ඊළඟ මැතිවරණයෙන් පලවා හැරීමට කටයුතු කරමු‘ යැයි සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවයෙහි නිරතව සිටියහ.