(සුමතිපාල දියගහගේ)
බලපත්‍ර නොමැති බෝර 12 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ජයවර්ධනපුර සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් අද (16) බද්දේගම මල්වත්ත රත්නහැරවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා කිසියම් අපරාධයක් සඳහා මෙම ගිනි අවිය භාවිතාකර තිබේ දැයි පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය වැඩිදුර පරීක්ෂණ සඳහා බද්දේගම පොලිසියට බාරදී ඇත අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.