බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට උග්‍ර අතට හැරෙයි


(පාලිත ආරියවංශ)

බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට මසකට දෙවරක් ලබාදෙන ජල සැපයුම ඉදිරියේදි දින 20 කට වරක් පමණක් දීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ  ඌව පළාත්  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා  පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයට පවතින ජල ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර අතට හැරිම නිසා ප්‍රදේශවාසීන් මෙන්ම හො‍ටල් අවන්හල් ඇතුළු ව්‍යාපාරිකයන්ද දැඩි දුෂ්කර තාවයකට පත්ව සිටිති

පෞද්ගලික බවුසර්වලින් ජලය මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇති නමුත් එම ජලයේ පවිත්‍රතාවය හා සෙඛ්‍ය  සම්පන්නභාවය ගැන සහතික විය නොහැකි බව සෞඛ්‍ය  නිලධාරිහු  කියති.

දියතලාව අලුත්වෙල  ජල මුලාශ්‍රයේ පොම්ප වෙනස්කිරිම , පිරිපදුව වැඩි දියුණුකිරිම,අලුත්වෙලින්  බණ්ඩාරවෙලට ජල කියුබික් 2000 ක් ලබාගැනීම යනාදිය නොකළහොත් මෙම තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව ද ඒ මහතා කියයි.