බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම අමුලුගම මුස්ලිම් ගම්මානය ආවරණය වන පරිදි අද (29) පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී යුද හමුදා ක්‍රිඩා නිල ඇඳුමක්, සිම් කාඩ්පත් තොගයක් සමඟ පුද්ගලයන් 13 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
යුද හමුදා ගැමුණු හේවා බළකායට අයත් ක්‍රීඩා කබායක්, මෙරට සහ විදේශීය රටවල සිම් කාඩ්පත් විශාල ප්‍රමාණයක්, වාහන අංක තහඩු කිහිපයක්, දෙහිවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ගුවන් ගමන් බලපත්‍රයක්, උප්පැන්න සහතිකයක්, බැංකු පොතක්, ජංගම දුරකථන දෙකක්, ගංජා මිශ්‍ර මාවා කිලෝවකට ආසන්න ප්‍රමාණයක් හා අන්සතු යතුරුපැදි දෙකක් පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියකු පැවසීය.