බණ්ඩාරගම ප්‍රා.සභාව අසළින් ජීව උණ්ඩ රැසක් හමුවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බණ්ඩාරගම - පානදුර මාර්ගයේ දුරකථන කණු දෙකක් අතර දමා ගොස් තිබූ ජීව උණ්ඩ 5 ක් හා පුහුණු උණ්ඩ 68 ක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට අද (30) හමුවී ඇතැයි පොලිසිය පවසයි.

වර්ග 4 කින් යුත් ජීව උණ්ඩ එහි තිබූ බව පොලිසිය කියයි. සුදු පාටට හුරු කුඩා බෑගයක මෙම උණ්ඩ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු මෙම උණ්ඩ වීසි කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.