(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හනියක් සිදු වෙමින් පවතින බව වතු කම්කරුවෝ පවසති.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදවයි මෙම පෞද්ගලික ජල විදුලි බලාගාරය ඉදි කරමින් පවතින්නේ.
බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු සදහා කපා ඉවත් කරන පස් අලුයම් කාලයේ ඉතා සුක්ෂම ලෙස එම ඉදිකිරිම් සිදු කරන අය විසින් කෙසෙල්ගමුඔයට මුදා හරින බවද ඔහුද සඳහන් කළේය.
එම ජල විදුලි බලාගාරය ඉදි කරන ස්ථානය සිට කාසල්රි ජලාශය දක්වා කිලොමිටර් 15 පමණ දුරක් කෙසෙල්ගමුඔයේ ජලය ගලා බසින අතර පවත්නා පරිසර විනාශය හේතුවෙන් ඔයේ ජලය බොර පැහැයෙන් ගලා බසින බව වතුකම්කරුවෝ පවසති.
මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ ගගේ ජල මට්ටමද පහල බැස ඇති බවත් , ඔයේ ජලය බොර පැහැයෙන් ගලා බැසිම හේතුවෙන් එම ඔයේ ජලය දිනපතා පරිහරණය කරන තමන් දැඩි අසිරුතාවයට පත් වි සිටින බවයි වතු කම්කරුවන් වැඩි දුරටත් කියා සිටියි.
මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සී. ධර්මප්‍රිය මහතාගෙන් කළ විමසමුකදී ඔහු කියා සිටියේ වහාම ඒ පිළිබඳ සොයා බැලිමක් සිදු කරන බවයි.