පෞද්ගලික ඉඩමකින් ජීව අත්බෝම්බයක් හමුවේ


(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී හමුවූ ජීව අත්බෝම්බයක් අද (29) සවස පස්සර විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කළ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.

අධිබලැති විදුලි රැහැන් කණුවක් අසල උරයක දමා ගැටගසා තිබූ මෙය අසල මිලිමීටර 5.56 වර්ගයේ ජීව පතරොමක්ද තිබූ බවත් බණ්ඩාරවෙල දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව කළ විමර්ශණයකදී ජීව අත්බෝම්බය සහ පතරොම සොයාගත් බවත් පොලීසිය කියයි.

මෙම ජීව අත්බෝම්බය සහ පතරොම මෙම ස්ථානයට ගෙනඒමට ඇත්තේ කුමන කාරණයකටද යන්න  පිළිබඳව සොයා පුළුල් විමර්ශණයක් ආරම්භ කළ බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතා පැවැසීය.