(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය කොට්ඨාසවල පිහිටි ගම්මාන 2කට අයත් නිවාස 18කට ඊයේ (11) පස්වරු 4.45ට පමණ හමාගිය තද සුළං තත්වයක් නිසා හානි සිදුවී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවාස 17කට සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 31 සිංහගම ග්‍රාම නිලධාරි වසමේ එක් නිවෙසකටද මෙම හානි සිදුව තිබේ.
මැදිරිගිරිය, වෙඩිකච්චිය ගම්මානයේ සිදුවූ නිවාස හානිවලදී එක් නිවැසියෙකු තුවාල ලබා තිබෙන බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ටොනාඩෝ සුළං තත්වයක් පැවැතීම නිසා පෙරේදා (10) සවස මෙම නිවාස හානි සිදුව තිබෙන බවයි.
සියලුම නිවාසවලට සිදුවී ඇත්තේ අර්ධහානි බවද ඔහු කීය. මෙම නිවාස හානි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 70 කි.