පොළොන්නරුවට බලපා තිබූ දැඩි උෂ්ණත්වය පහළ බසිමින් ඇතැයි කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානාධිපති ජේ.එම්.ටී.යූ. ජයසුන්දර මහතා පවසයි.
මීට පෙර පොළොන්නරුවේ පැවැති සෙල්සියස් අංශක 37.06, 38.05 උෂ්ණත්ව අගයන් 3 වැනිදා වනවිට සෙල්සියස් අංශක 28.08 හා ඊට පහළ අගයන් දක්වා පහත වැටී ඇතැයි ඔහු කියයි.
මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය ඇති පවුල් ගණන 23,803ක් බවද ජල බවුසර් 40ක් මගින් දිනකට ජල ලීටර් 650000ක් බෙදා හරින බවද පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කරයි.