පොළොන්නරුව ජාතික වනෝද්‍යනයන් හි අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක්


(ඩබ් ඒ පියතිලක)

කවුඩුල්ල මින්නේරිය සෝමාවතිය අංගමිමැඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික වනෝද්‍යාන  තුළ  සිටින අලි ඇතුන්ට මුඛ  සහ  කුර රෝගයක් වැළදිමේ තත්වයක්  ඇති බව ති‍්‍රකුණාමලය පොලොන්නරුව වනජිවි කලාපය භාර ගිරිතලේ වනජිවි සෞඛ්‍ය කළමනාකරණ එකකයේ පශු වෛද්‍ය කේ. ඒ.එස් . එස් කලිගුආරචිචි මහතා පැවසීය.

එසේ රෝගය වැළඳුණු අලි පැටියෙකු  කවුඩුල්ල ජාතික උද්‍යානයේ  නිළධාරින් විසින්  රෝහල වෙත භාරදුන් බවද මෙම රෝගය වැළදිමට ප‍්‍රධාන හේතුව වන්නේ  උද්‍යාන  තුළට අනවසර ගවයින් දසදහස් ගණනක් ඇතුළු කිරිම බවද   වෛද්‍යවරයා සඳහන් කළේය.

එම අලි පැටවා ප‍්‍රතිකාර සදහා පරික්ෂා කිරීමේදී  වැටී තුවාලවලට  අමතර මුඛයේ සහ පාදවල  තුවාල සිදුව ඇති බවත්. එම රෝග ලක්ෂණ අනුව මෙම අලි පැටවාට මුඛ හා කුර රෝගය වැළදි ඇතිබවට  හඳුනාගෙන ඇති අතර ඒ බව  ඒ පිළිබද වැඩිදුර තහවුරු කර ගැනිම සදහා එහි සාම්පල් පෙරාදේණිය පසු විමර්ශන අංශය වෙත යොමු කර ඇති බවත්  වෙද්‍යෙවරයා පැවසීය.

කෙසේ නමුත් වනජිවි උද්‍යානවල  සිටින සතුන්ට බෝ විමට ඇති ප‍්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අනවසරයෙන් ගවයින් ඇතුළු  කිරිමත් එමෙන්ම ගවයින් දස දහස් ගණනක් අලි ඇතුන් ආහාර සඳහා ගන්නා තණ කොළ  ගවයින් කැම හෙතුවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.