(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව පුලස්තිගම ගොවින්ට තම වගාවන් සදහා අවශ්‍ය පරිදි පොහොර නොමැතිකමින් ගොවිජන සේවා මධ්‍යස්ථානවල දින ගණන් පෝලිමේ සිටියත් පොහොර ලබා ගත නොහැකි බවත් තමන් පොලිමේ සිටියදි ගොවිජන සේවා නිලධාරින්ගේ හිතවතුන්ට හොර රහසේ පොහොර ලබා දෙන බවත් ගොවීහු කියති.
ලංකාපුර පුලස්තිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අද (27) පොහොර මිටි 500ක් ලබා දි ඇති නමුත් එයින් ගොවිජනසේවා නිලධාරින්ගේ හිතවතුන්ටත් ගොවි සමිතිවල නිලධාරිනුත් බෙදා ගැනිමෙන් පසු තමන් වෙත පොහොර මිටි 300ක් පමණ ලබා දෙන බවත් එම මිටි 300 ගොවින් 700කටවත් ප‍්‍රමාණවත් නොමැති බවත් ගොවීහු කියති.
පොහොර යුරියා මිටියක් රුපියල් 2500ක් වුවත් විවෘත වෙළදපොලේ හොර රහසේ එම පොහොර මිටිය රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි කරන බවත් ගොවීහු පෙන්වා දෙති.
පුලස්තිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සේවා නිලධාරි එම්. එච්. එම්. ජී. ඩී. විජේකෝන් මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පෙරදින පොහොර මිටි 500ක් ලැබුණු බවත් ඒවාක ගොවින්ට බෙදලා දෙන අතර හෙටත් යළි පොහොර එන බැවින් ඒවාද ගොවීන්ට බෙදා දෙන බවත් ය.
ගොවීන් පවසන පරිදි කිසිදු වංචාවක් නොවන බවත් කිසිදු ගොවියකුට අසාධරණයක් සිදු නොකරන බවත් ඇය කීවාය.