පොහොට්ටුවට වැලිමඩ බලයත් ගිලිහෙයි


ඩී කේ රත්න
 
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ    වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ස් ජාතික පක්ෂය අද (29)  සමත්විය.

 
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිමඩ ප‍්‍රදේශීය සභාවට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු 18 දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු  15 දෙනෙක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ද තේරී පත්වූහ.
 
 අදඅ  වැලිමඩ ප‍්‍රෘදේශීය සභාව පිහුටුවීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එ.ජා.පක්ෂය එකතුව සභාව පිහිටවූ අතර මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.ඒ.ආර්. බන්දුසේන මහතා සභාපති වශයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ සීතා සමරවීර මහත්මිය උප සභාපති වශයෙන්ද පත්වූහ.