පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ උද්ඝෝෂණයක්


 

( ක.ග කරුණාරත්න )

වැලිකන්ද, අසේලපුරදී  අලියකු පහරදී කාන්තාවක් මියගිය සිද්ධිය මුල් කරගනිමින් ගම්වාසීහු අද (2) පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ග අවහිර කරමින්  උද්ඝෝෂණයක් ඇරැඹුහ.

අද (2) උදෑසන  අසේලපුර ප්‍රදේශයේදී වල් අලියකුගේ පහර දීමෙන් කාන්තාවක් මිය ගියාය.

උද්ඝෝෂණය පැවැත්වෙන අතර වල් අලින් ගම් වැදීම නිසා තමන්ට විදින්නට සිදුව තිබෙන පීඩාවන් සහ දුක් ගැහැට අවම කිරීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂකයෝ  විරෝධතාවෙහි නියැලුණහ.