(නිශාන්ත කුමාර)
පොලීසිය එනු දැක මුලුතැන්ගෙයි සඟවා තිබූ කසිප්පු බුලියක්ද රැගෙන සිය නිවසේ පසුපස දොරන් කැලෑ වැදුණු මීගහකිවුල කරදගහමඩ පුද්ගලයෙකු පසුපස පැන්නූ කන්දකැටිය පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අද (06) උදෑසන ඔහු සතුව තිබූ කසිප්පු තොගයද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.
කසිප්පු මිලිලීටර් 5250 ක්ද සමඟ මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කරදගහමඩ තඹලකැටිය ගම්මානයේ වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.
කන්දකැටිය පොලිස් දූෂණ මර්ධන අංශය වෙත ලද තොරතුරකට අනුව අද (06) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු හා කසිප්පු තොගය මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.