පොලිසියට කට්ටි පැන්න සැකකරුවකු අවුරුදු 13කට පසු අල්ලයි


 

ජේ.කේ.එල් චාමින්ද සහ  ඩී.ජි සුගතපාල

අක්මීමන හියාරේ ප්‍රදේශයේ දී 2005 වර්ෂයේ  පුද්ගලයකුට පහරදි රුපියල් හය දහසක්  කොල්ලකා දහතුන් වසරක් තිස්සේ සැඟවී සිටිබව කියන  පුද්ගලයකු  ගාලු කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන  ඇත.    

ම‍ෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  හතලිස් දෙහැවිරිදි වියේ පසුවන අයෙකි. 2006 වර්ෂයේ දි හියාරේ ප්‍රදේශයේ  නිවසක් බිද රන් භාණ්ඩ සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද වසර ගණනාවකට පසු නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.