පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවෙක් ගෙල වැල ලා ගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරගහහේන  පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි. 

මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයෙකි. 

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන, රඳවා තිබියදී රෙදිපටි කිහිපයක් යොදාගෙන ඔහු දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.