පොලිස් වි‍ශේෂ මෙහෙයුමකින් 57ක් සැකපිට


(චන්දන ප්‍රනාන්දු)

දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ  සිදුකළ විශේෂ මෙහෙයුමකදි බීමත් රියදුරන් 7 ක් ඇතුළු 57 ක් සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි                                                                        
නීති විරෝධි කසිප්පු බෝතල් 80 ක් සමග තඹරවිල කටුකෙන්ද හා සෙන්දිරියාමුල්ලේ පදිංචි පුද්ගලයන් 4 ක් ද, ගෙවල් බිඳුම් සම්බන්ධ වරෙන්තුකරුවන් 2 ක් හා නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයන් 2ක් ද හා විවිධ රථවාහන වැරදි කළ රියදුරන් 42 ක් ද මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.