(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පලුගස්වැව ආසන්නයේ යතුරු පැදියකින් ගමන් ගත් පොලිස් පරික්ෂකවරයෙකු බවුසරයේ හප්පවා බරපතල තුවාල සිදුකර පලා යමින් සිටි එම බවුසර් රියදුරා අද (01) දින අලුයම කැකිරාව නගරයේදි අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ නුවරඑළිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු නුවන් ජයවර්ධන (36)නැමති පොලිස් පරික්ෂකවරයෙකි.
ඔහු මඩාටුගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මිට සති කිහිපයකට පෙර අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණ ජිවිතාරක්ෂක භටයෙකු ලෙස තාවකාලිකව සේවයේ නිරතව සිටින අයෙකි.
ඔහු අද (01) දින අලුයම මිහින්තලේ සිට ගල්කුලම දෙසට ඒ නවය මාර්ගයේ යමින් සිටියදි එම දෙසටම ගමන්කල බවුසරයක ගැටිමෙන් අනතුරුව තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කැරිණි.
පොලිස් පරික්ෂකවරයා බවුසරයේ හප්පවා රියදුරා පළා ගොස් තිබු අතර රියදුරා පලා යමින් සිටියදි පැයකට ආසන්න කාලයක් තුලදි ඔහු අත් අඩංගුවට ගැනිමට කැකිරාව පොලිසිය සමත්විය.
බදුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම බවුසරයේ රියදුරා අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.