පොලිස් නිලධාරියාගේ අණට අකීකරු වූ අයෙක්ට දඩ


ටෝනි කරුණානායක
 
පොලිස් නිලධාරියකුගේ ආඥාවකට ක්‍රියාත්මක නොවීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් 1500ක දඩයක් නියම කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විත්තිකරුට එක් වසරක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවන ලෙස අද (04) නියම කළේය.

ගම්පහ හංසගිරි පාරේ පදිංචි දුනුආචාරිගේ රොෂාන් සනත්කුමාර නමැති විත්තිකරුට මෙසේ අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදලක් නියම කෙරිණි.

විත්තිකරුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය අප්‍රේල් 19 වැනි දා ගම්පහ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් නිලධාරියකු කළ දැනුම්දීමකට අවනත නොවී කටයුතු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුට මෙම සිරදඬුවම නියම කර ඇත.