( රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලීසියට අනියුක්තව සිටි බෝම්බ සෙවීමේ විශේෂඥයෙකු ලෙස සැලකූ පොලිස් සුනඛ ‘සාසා‘ හදීසි අසනීපයක් හේතුවන් මිය ගිය බවට කෝපායි පොලීසිය පවසයි.
බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා සිටි සාසා කොපායි පොලීසියේ මෙන්ම යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආධාරයට පාත්‍ර වූ සුනඛයෙකු විය.
‘සාසා‘ පොලිස් සුනඛයා දරුණු වකුගඩු රෝගයකින් පෙලීමෙන් මිය ගිය අතර සුනඛයා භාරව සිටි පොලිස් සැරයන් 32896 සමරවීර නිලධාරියා ඇතුලු පොලිස් නිලධාරීන් ‘සාසා‘ගේ අවසන් කටයුතු ගරු බුහුමන් සහිතව කෝපායි පොලීසියේදී සිදු කළේය.
2010 මැයි 28 වනදා උපත ලද ඇති සාසා නෙදර්ලන්තයෙන් ගෙනවිත් බෝම්බ පිළිබඳව පුහුණුව ලබා ඇති අතර වසර කිහිපයක් පුරාවට කෝපායි පොලීසිට මහත් සේවයක් ලබා දෙමින් සේවය කල සාසා පසුගිය දින කිහිපයේදී රෝගාතුර වී ඇත.