පොලිස් ජීප්රිය ප්‍රපාතයට පෙරැළෙයි


(පාලිත ආරියවංශ )

බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක්  අද (11)  දහවල් කැන්දගොල්ල ගොවිපල  ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල  මහරෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

රාජකාරි ගමනක් ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.