(අනීෂා මානගේ
පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් ඉරූ ගං කොහොඹ සහ තේක්ක දැව තොගයක් බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කළ බව අයකු අද (6) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු මිද්දෙණිය තලාව ප්‍රදේශයේ පදිංචි තිස්හැවිරිදි අයකු බව නිලධාරීහු කියති.
ලෙලි ගැසූ සහ ලෙලි නොගැසූ පොල් සහ පොල් ලෙලිවලින් වසා ඉරන ලද ගං කොහොඹ සහ තේක්ක දැව තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ සිට මාතර බලා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ලොරි රථයේ පටවා තිබූ ඉරූ දැව තොගයට ඉහළින් කොටස් ගැලවූ ඇඳක්ද තිබූ බව නිලධාරීහු පවසති.



