(බිමල ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
පොල් ගෙඩි දහයක් කැඩීම මුල් කරගෙන ඉංගිරියවත්ත උඩ කොටස ප්‍රදේශයේ නිවසක් ගිනි තැබී යැයි කියන සිද්ධියකට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා පොල් ගෙඩි කැඩූ බව කියන පුද්ගලයාගේ සහෝදරයා බවද පොලිසිය කියයි.
පොල්ගෙඩි කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුටි බැට හුවමාරු කරගත් නිවසේ හිමිකරු හා පොල් ගෙඩි කැඩූ බව කියන පුද්ගලයා හොරණ හා ඉංගිරිය රෝහල් වල ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.