පොරවකින් කොටා පුද්ගලයකු ඝාතනය කරලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ 64 හැවිරිදි අයකු අද ( 30)  පොරවකින් කොටා  මරා දමා ඇති බව පුත්තලම පොලිසිය කියයි.
 
මෙසේ මරා දමා ඇත්තේ එච්.එම් .ගුණතිලක බංඩා නැමති  64 හැවිරිදි විවාහකයෙකි.
 
මරණයට පත් වු තැනැත්තා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඔහුගේ විවාහක බිරිද මරණයට පත්වීමේන් පසුව නැවත මරණය සිදුවු ස්ථානයේ පදිංචි 44 හැවිරිදි  කාන්තාව සමග වසර තුනකට පෙර විවාහය වි ඇති බව කියයි.
 
මරණයට පත්වු පුද්ගලයා විවාහ වි සිටි කාන්තාව මෙම විවාහයට පෙර විවාහ දෙකක් සිදුකර ගෙන ඇති බව ද එම විවාහ වලදි ඇයට දරුවන් සිව් දෙනෙකු සිටින බවද පොලිසිය පවසයි.
 
නිතර නිතර මෙම අඹු සැමියන් අතර සිදුවු පවුල් ආරවුලක් හේතුවෙන් අදාල කාන්තාවගේ කලින් විවාහයේ 23 හැවිරිදි පුත්‍රයකු විසින් මෙම තැනැත්තාව තනිව රැදි නිවසට කඩා වැදි අමානුෂීක අයුරින් පොරවකින් කොටා මරා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙලිවි තිබේ .
 
සිද්දිය සම්බන්ධව 23 හැවිරිදි සැකකාර තරුණයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඝාතනය සිදුකල පොරව පොලිසිය සොයා ගෙන තිබුණි.
 මහෙස්ත්‍රාත් පරික්ෂණය දහවල්නි පැවැත්වීමට නියමිතව  තිබුණී.