පොන්නම්බලම් රාමනාදන් මහතා සැබෑ මානව හිතවාදියෙකු ලෙස භේදයකින් තොරව සියලු ජනතාවට සේවය කළ බවත් ඔහු තුළ ජාතිවාදයක් නොතිබුණු බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද(30) පැවති 86 වැනි පොන්නම්බලම් රාමනාදන් ගුණ සමරුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය
“රාමනාදන් මහතා තමන්ගේ පුද්ගලික ඉඩකඩම් විශාල ප්‍රමාණයක් පාසැල් සහ කොවිල් වලට පරිත්‍යාග කරල තියෙනවා. නාත්තන්ඩියෙ අක්කර 500ක් කෝවිලක් හදන්න දීල තියෙනවා. රාමනාදන් හා පරමේශ්වරන් පාසැල් වලට අක්කර 25 බැගින් දීල තියෙනවා. අද ඉන්න දේශපාලකයින් මෙවැනි දේ කරන්නේ නැහැ. ඔවුන් හොයන්නේ සල්ලි ලැබෙන මාර්ග. මුදල් ඉඩකඩම් පරිත්‍යාග කරන්නේ නැහැ. ඒ නිසයි අපි රාමනාදන් මහතා වැනි අයට ගරු කළ යුත්තේ. උතුරේත් දකුණේත් අසරණ මිනිසුන්ගේ කඳුළු වලට ජාතියක්, ආගමක් නැහැ. අපි හැමෝම මානවයන් ලෙසයි ඉපදී ඇත්තේ, එකම රුධිරයයි හැම සිරුරකම දුවන්නේ. ඒ නිසා හැම කෙනකුම අනිකාට ගෞරව කළ යුතුයි. අපි එකම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි. පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ජීවන දර්ශනය එයයි. “යැයි ඔහු පැවසීය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ද මේ අවස්ථාවට එක්විය.