පෙරියමඩු රක්ෂිතයේ දැව ජාවාරමක්


(සිතුම් චතුරංග)

         

වවුනියාව පෙරියමඩු රක්ෂිතයේ සිට නීති විරෝධී දැව ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් බුරුත දැව කඳන් තොගයක් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී අයුරින් සිදුකෙරන මහ පරිමාණ දැව ජාවාරමක් පිළිබඳ පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක්මත සිදුකළ වැටලීමකදී බුරුත දැව කඳන් සමඟ ප‍්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවටගත් බව පැවැසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු ලොරි රථය මාර්ගයේ දමා පැන ගොස්  ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන අරඹා තිබේ.

අත්අඩංගුවටගත් බුරුත දැව කඳන් සහිත ලොරි රථය  ඕමන්ත පොලිස් ස්ථානයට භාරදීමට නියමිතව තිබුණි.