(ජේ.කේ.එල්.චාමින්ද)
පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් අද (04) දී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පිහිටි තම ඉඩමේ මායිමේ තාප්පයක් ඉදිකිරීම සඳහා සූදානම් කරමින් සිටියදී ඉඩම් ආරවුලක් මත මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ බිරිඳ ගෙනවිත් දී තිබූ බෑගයේ තිබි පෙට්‍රල් බොම්බය රැගෙන ගසා ඇති බවද පොලිසිය පවසයි.
පෙට්‍රල් බෝම්බය සඳහා මහමෝදර ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හලකින් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර ඉතිරි පෙට්‍රල් මෙකි අඹු සැමි යුවළගේ නිවසේ තිබි සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාලකරුගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවද පැවසේ.