(මාවනැල්ල සමන් විජය බංඩාර)
ලංකාවේ හින්දු දේවස්ථානයක වැඩිම කාලයක් පූජක තනතුරක් හෙබවු 79 හැවිරිදි පූජක විවේකාන්ද ෂර්මා පූජකවරයා එම තනතුරෙන් ඉවත්ව ඇත.
යාපනය කරෙයිනගර් වල උපත ලැබු මෙතුමා 1959 වසරේදී කෑගල්ල මාවනැල්ල නගරයේ පිහිටි ශ්‍රී කදිරේෂන් කෝවිලේ ප්‍රධාන පූජකවරයා ලෙස තම ආගමික මෙහෙවර ආරම්භ කරන ලදී.
ආගමික සහජීවනය මෙන්ම සුභ සාධන වෙනුවෙන් කටයුතු කළ එතුමා වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයට භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ - හින්දු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.