පුරාවිද්‍යා භාණ්ඩ වලට හානි කළ දෙදෙනෙකුට දඩ


(විජේරත්න රත්නායක)

පුරාවිද්‍යා වටිනාකමකින් යුතු භාණ්ඩවලට හානි සිදුකළ බවට අධිකරණය ඉදිරියේ වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා එක් අයෙකුට රුපියල් හැත්තෑපන් දහසක් බැගින් රුපියල් ලක්ෂ එකහමාරක දඩ මුදලක් අද (31) නියම කළේය.

මෙසේ දඩ නියම වූයේ බදුල්ල කහටරුප්ප පදිංචි ඩී.එම්.රංජිත් හා එච්.එම්.ධනපාල නම් පුද්ගලයන් දෙදෙනෙකු හටය.

අදාළ පුද්ගලයන් තමන්ට අයත් ඉඩමක සිදුකළ කැණීමකදී හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගඩොල් කිහිපයක් විනාශ කර ඇති බවත් එම ගඩොල් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සනාථ කොට ඇති බවත් වැටලීම සිදුකළ ඌව පළාත් පුරාවිද්‍යා විශේෂ වැටලීම් ඒකකය වෙනුවෙන් බදුල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ අනුව නිදන් හාරා පුරාවිද්‍යා භාණ්ඩවලට හානි සිදුකිරීමේ චෝදනාව යටතේ අදාළ පුද්ගලයන් හට දඩ නියමවිය.