ඩී.ජී.සුගතපාල
මෙවර යල කන්නයේදි අලුතෙන් අස් වැද්දිමට සූදානම්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටයාර 5314ක් සඳහා රසායනික පොහොර සමග කාබනික පොහොරද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.ඒ. දීගොඩ ගමගේ මහතා පැවසුවේ 2020 යල කන්නය සඳහා වගා කිරිමට හෙක්ටයාර 5549ක ඉලක්කයක් තිබෙන අතර පුරන් කුඹුරු සහ පසුගිය කන්න කිහිපයක් වගා නොකල කුඹුරු හෙක්ටයාර 5314ක් ද වගා කිරිමට සූදානම් කර තිබෙන බවය.
එම කුඹුරු හෙක්ටයාර 5314 සඳහා සියයට හැත්තෑවක රසායනික පොහොර සමග සියයට තිහක කාබනික පොහොරද නොමිලේ ලබා දෙන බවත් එසේ නොමිලේ ලබා දෙන්නේ දකුණු පළාතේ පළමුවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බවත් ඒ මහතා පැවසිය.
පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර
Recommended Articles