පුපුරණ ද්‍රව්‍ය සමඟ හැඩඔයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට


(නවරත්න සමරතුංග)

පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පොතුවිල පොලිස් වසමට අයත් හැඩඔය ප‍්‍රදේශයේ අද (29) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොතුවිල හැඩඔය පාලම අසල කඩයක් පරීක්ෂාවට ලක්කිරීමේදී ඩෙටනේටර් පහක් සහ විවිධ ප‍්‍රමාණයේ සේවානූල් කැරලි තුනක්ද සමඟ ජංගම දුරකතන තුනක් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත.

කඩයේ හිමිකරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා පොතුවිල පොලීසිය බාරයට පත්කර ඇත.

එම සැකකරුවන් අද (29) පොතුවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.