නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ දී කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මසුන් තොගය කැබ් රථයක් මගින් ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 28ක් හැවිරිදි ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත බාර දීමට කටයුතු කෙරිණි.
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට මෙම වසරේදි නාවික හමුදාව කටයුතු කරන ලදී.
මෙම නීතිවිරෝධි මසුන් මැරීමේ ක්‍රමය හේතුවෙන් සාගර පද්ධතිය විනාශ වීමට ලක් වී තිබේ.