වන්නි රොමේෂ් මධුෂංඛ
මුලතිව් විශ්වමඩු කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙකු වන ජී. විජිතන් අභිරහස් ලෙස මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු කියා සිටිති.
29 හැවිරිදි මෙම පුද්ගලයා යුද්දයෙන් පසුව ආරක්ෂක අංශ වෙත භාර වී අවුරුදු දෙකක පමණ කාලයක් පුනරුත්තාපනය වීමෙන් පසුව මුලතිව්හි පදිංචියට ගොස් ඇත.
ඔහු පෙරේදා (13) රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර පසුවදා මිය ගොස් ඇති බව ඔහුගේ බිරිඳ පවසයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ යුද සමයේදී ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් සැලකූ මෙම පුද්ගයා මිය යාමට තරම් කිසිදු අසනීප තත්වයක් නොතිබූ බැවින් මරණය සැක කටයුතු බව ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත.
මළ සිරුර මුලතිව් මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ශරීර කොටස් රජයේ රසපරීක්ෂක රසායනාගරය වෙතට යැවීමට කටයුතු යොදා ඇති බව මුලතිව් පොලිසිය කියා සිටියේය.