( එච්. චන්දන)
බිරිඳගේ අනියම් ස්වාමිපුරුෂයා යැයි කියන පුද්ගලයකුට පිහියකින් ඇන මරා දැමු බව කියන තිදෙරු පියකුට පුත්තලම මහධිකරණ විනිසුරු සමන් කුමාර මහාතා අද (27) මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ පුත්තලම පොලිස් වසමේ දළුව - නිර්මලපුර පදිංචිව සිටි රත්නසේකරලාගේ නිමල් ඇන්ටනී (51) යන අයටයි.
2016 වර්ෂයේ අප්‍රේල් 13 දින හෝ ඊට ආසන්න දිනයකදී, චුදිතයාගේ නිර්මලපුර පිහිටි නිවසේදී පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතානයක් කිරීම සම්බන්ධ චුදිතයාට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබුණි.
ඒ අනුව පුත්තලම අධිකරණ බල සිමාවේදී මානික්කුගේ ගුණතිලක (59) යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නිතී සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ දඩුවම නියම කර තිබේ.
රජයේ අධිනීතිඥ විරේෂ් නානයක්කාර මහතා රජය වෙනුවෙන් සාක්ෂි මෙහෙයවූ අතර චුදිතයා වෙනුවෙන් නීතීඥ මොහොමඩ් සජාත් මහතා පෙනීසිටියේය.
පුද්ගල ඝාතනයක් කළැයි මරණ දඩුවම්
Recommended Articles